World

කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අමෙරිකාවේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටි රෝහලක් මෙම පුද්ගලයාගේ ඉලක්කට බවට පත්වී තිබුණි.

ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශනයකට අදාළව බෙල්ටන් නගරයේදී මෙම 36 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම සිදුවී ඇත.
මියගිය තැනැත්තා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් ඔස්සේ කටයුතු කළ බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

තිමොති විල්සන් ලෙස හඳුනාගෙන ඇති ඔහු සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විමර්ශන සිදුකර ඇත.

රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමට පෙර මොහු කළු ජාතික සිසුන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලකට සහ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කර තිබූ බව ද හෙළිකර ගෙන තිබේ.

Related posts

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ස්කයිප් ලොවින් සමුගනී!

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

බලයෙන් පහකළ අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday