විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට රජය තීරණය කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් Colombo Today වෙත වාර්තා වෙනවා.
අහෝසිකිරීමෙන් පසුව ඒ වෙනුවට වෙනත් ආයතනයක් මගින් අදාල කටයුතු පවත්වාගන යාමට තීරණය කර ඇතත් ඒ සදහා විදිමත් වැඩපිළිවෙලක් සාදා නොමතිබවයි දැනගන්නට ලැබෙන්නේ…
1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින්, 1978 දෙසැම්බර් මස 22 දින පිහිටවනු ලැබූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලප ද්ධතියේ ඉහළම ආයතනය වේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් පනතේ කෘත්‍යයන් වන්නේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතන වල පරිපාලනය නියාමනය කිරීම සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම නියාමනය යන ඒවා වේ.