Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ජනපතිගේ අවසන් බලාපොරොත්තුව සුන්වෙයි !

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  ( 29) තීන්දු කළේය.

 මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතයට පටහැනි බවත් , එමඟින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝගය තීරණය ක‍්‍රියාත්මක වළක්වාලමින් ලබා දී තිබූ  අතුරුනියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකකරණය ඊයේ  නියම කළේය.

 මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

පසුගිය දා පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ම්‍රෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ තමන් විශ්‍රාම යෑමට පෙර එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණ දඩුවම දීම තම බලාපොරෝත්තුව බවයි.

Related posts

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

Video – ආණ්ඩුව සිංහල බෞද්ධ හිමිකම් උල්ලංඝනය කරලා – බොදු බල සේනාව මානව හිමිකම් කොමිසමට

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday