Colombo Today Local News

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

2019 අයවැයෙන් වැසිකිළි පහසුකම් නොමැති පවුල් දෙලක්ෂ හැටදහසකට එම පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන හාරදහසක් වෙන් කළ අතර ඉන් පළමු වාරිකය ලෙස මිලියන හාරසියයක් පසුගිය මැයි මාසයේ නිවාස අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් බව එම සංවිධානය පවසයි.

එම පහසුකම් ලබා දීම සඳහා අයැදුම්පත්‍රද කැඳවා ඇති අතර අදාළ සුදුස්සන් තෝරා එම අධාර ලබා නොදී අදාළ මුදල් නිවාස ණය ලබා දීම සඳහා යොදා ගන්නා බවට නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංධානය පවසයි.

Related posts

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ – පාරිභෝගික අධිකාරිය

colombotoday

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday