Colombo Today Local News

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවේ ඇති ආරාබි පාසල්වල ඉගැන්වීමේ කටයුතු ආරාබි භාෂාවෙන් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පවසා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.

ආරාබි අක්ෂර ඉගැන්වීමේ කටයුතු  සිදු කරන නිසාවෙන් එම පාසල් සඳහා අරාබි අක්ෂර අවශ්‍ය බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති ඇතැම් මාර්ගවල ආරාබි අක්ෂර සහිත පුවරු සවි කිරීම සාධාරණ නොවන බව හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඇති මාර්ගවල නම් ඉංග්‍රීසී, සිංහල දෙමළ භාෂාවෙන් පමණ තිබුණ හොත් ඇති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

බදුර්දීන්, පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන තවත් සාක්‍ෂි සොයා ගැනේ !

colombotoday

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියක දීමනා ගෙවලා

Admin

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදු කළ වනසංහාරය ගැන වාර්තාවක් පරිසර ඇමැති ඉල්ලයි

colombotoday

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin