Uncategorized

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) සිදුවූ ප්‍රහාරවලින් පසුව දිවයිනපුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් හා වයඹ පළාතේ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන්  2289ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතරට සිංහල ජාතිකයින් 330ක්, දෙමළ 139 ක් සහ මුස්ලිම් 1820 ක් වේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිස 423ක් වන අතර ඒ අතර සිංහල ජාතිකයින් 52, දෙමළ 13ක් සහ මුස්ලිම් ජාතිකයින් 358ක් වන බව ඔහු සඳහන් කර සිටියේය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතරින් ඒ ඒ පොලිස් ස්ථානවල රඳවා ගෙන විමර්ශන සිදුකරන පිරිස 211ක් වේ. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 68ක් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ 26ක් ද රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී. ඒ පිරිස අතරට සිංහල ජාතිකයින් 9ක්, දෙමළ 1ක් සහ මුස්ලිම් 201ක් වේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 2289 අතරින් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසුව සහ පොලිස් ඇප ලබාදුන් පිරිස 1655ක් වන අතර සිංහල ජාතිකයින් 269ක් , දෙමළ 125ක් සහ මුස්ලිම් 1261ක් වේ.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

colombotoday

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !

colombotoday