Colombo Today Local News

නින්දා අපහාස විදගෙන රට වෙනුවෙන් අප කියූ සියල්ල ඇත්ත වුණා… ජීවිතය පුදන්නත් රටක් තිබිය යුතුයි !!

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ තමන් රට පිළිබඳ හෙළි කළ කරුණු සත්‍ය වු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

නිදහස ලැබීමෙන් පසු සිය විහාරස්ථානය වෙත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාණසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ විශාල වේදනාවක් පවතින බවත් කෙසේවෙතත් යළි ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කළ යුතු බවත් උන් වහන්සේ සඳහන් කළේය.

රට වෙලාගනිමින් ඇති අන්තවාදීත්වය පිළිබඳ දූරදර්ශීව කටයුතු කළ යුතු බවත්ය. 

මේ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කළද මේ වන විට තමන් වහන්සේ දැඩි වෙහෙසට පත්ව ඇති බවත් ඉදිරියේ දි ආගම අහමට ලැදි වෙමින් ශාසනික දිවියක් ගත කිරීමට  අදහස් කරන බවත් උන්වහන්සේ පැවසීය.

භික්ෂුවක් ලෙස තමන් සිංහලයාට කළ යුතු යුතුකම් කර ඇති බවත් අවසාන වශයෙන් සියල්ලන්ට ප්‍රකාශ කර සිටින්නේ ජීවිතය පූජා කිරීමට වුව ද රටක් පැවතිය යුතු බවත් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැවසීය.

Related posts

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

colombotoday

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

colombotoday

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

colombotoday