Colombo Today Local NewsHot News

ජනපතිගේ රහස් හොයන්න එජාපයෙන් චර පුරුෂ මාධ්‍ය කණ්ඩායමක්!

Ranil-maithriදිනෙන් දින ගොඩ නැගෙමින් පවතින ජනපතිවරයා සහ එජාපය අතර අනවබෝධය හේතුවෙන් සිරිසේන ජනපතිවරයා කොයි මොහොතක හෝ තමන්ට පිටු පාමින් තනි ගමනක් යනු ඇතැයි නිරන්තර සැකයෙන් පසුවන එජාප ප්‍රබලයන් පිරිසක් ජනපතිවරයාගේ රහස් සාකච්ඡා විමර්ශණය සදහා රහසිගත මාධ්‍ය කණ්ඩායමක් යොදවා ඇතිබව වාර්තා වේ.

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහා මාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් රංජිත් ප්‍රේමසිරි සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් සමග වෙන වෙනම පසුගිය දිනක සිදුකළ රහස් සාකච්ඡාව එජාප ප්‍රබලයන්ගේ විමතියට හේතු වී ඇත. එම සිදුවීමෙන් පසු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එජාප ප්‍රබලයන්ට වූ සැකය තව දුරටත් උත්සන්න වී ඇති අතර පසුගියදා ජනපතිවරයා විසින් එළඹෙන පලාත් පාලන මැතිවරණයේදී තමන් ශ්‍රීලනිපයට නායකත්වය දීමට බිම්මට්ටමට පැමිණෙන බව පැවසීම නිසා ඔහුගේ නිර්පාක්ෂික තත්වය ඉවත්වී ඇතිබවටද එජාපය චෝදනා කර ඇත.

Related posts

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

colombotoday

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday