World

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

හමුදා පාලනය අවසන් කර යළි සිවිල් පාලනයක් ගොඩනගන බවට සූඩාන නව ආරක්ෂ ලේකම් සහ හමුදා කවුන්සිල ප්‍රධානී අබ්දෙල් ෆටා අල් බුර්හන් පවසයි.

ඒ, සිවිල් පාලනයක් ඉල්ලා අඛණ්ඩ ජනතා විරෝධතා පැවැත්වෙන පසුබිමකදී ය.

වසර දෙකක සංක්‍රාන්ති කාලයකින් පසු මැතිවරණයක් පවත්වා සිවිල් පාලනයක් ගොඩනගන බව ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රථම වරට ජනතාව අමතමිනි.

ඇඳිරි නීතිය ඉවත් කරන බව ද එහිදී ඔහු ප්‍රකාශයට පත් කළේ ය.

ඊට අමතරව සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදෙන බව ද සූඩාන නව හමුදා කවුන්සිල ප්‍රධානියා පැවසුවේ ය.

තිස්වසරක ඒකාධිපති පාලනයක් ගෙන ගිය සූඩාන ජනපති ඕමාර් අල් බෂීර් පසුගිය දා බලයෙන් පහකෙරුණේ හමුදා කුමන්ත්‍රණයකිනි.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමග ආරක්ෂක අමාත්‍ය හා හමුදා කවුන්සිලයේ ප්‍රධානී අවාඩ් ඉබන් අවුෆ් සූඩානයේ පාලනය සියතට ගත්තේ ය.

එහෙත් දිනක පමණ කාලයක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුව ඔහු ධූරයෙන් ඉවත් විය.

Related posts

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයක්.

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday