Colombo Today Local NewsTop Stories

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස හඳුන්වන කල්ප ගයාන් ගුණරතන නැමැත්තා සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටි.

මේ පිළිබඳව සිරිකොත පක්‍ෂ මුලස්ථානයටද පැමිණිලි ලැබී ඇති අතර මෙවැනි බෞද්ධ විරෝධීන් එජාපයේ ලේකම්වරයා තම පුද්ගලික කාර්යමණ්ඩලයේ තබා ගැනීම හේතුවෙන් පක්ෂයට විශාල හානියක් සිදුවෙන බවයි එජාප ජේෂ්ඨ තනතුරක් දරණ අමාත්‍යවරයෙකු අප සමග සඳහන් කර සිටියේ.

බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක කටයුතු කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලය පුරාම චෝදනා එල්ලවූ අතර පක්ෂ ලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය දිගටම ගෙනයන්නේදැයි මෙවැනි කටයුතු හේතුවෙන් සැක මතුවෙන අතර එය එසේ නොවේනම් පක්ෂයේ අනාගතය පිළිබඳව සලකා මෙවැනි පුද්ගලයන් තම කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළ යුතුව ඇත.

Related posts

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

පිස්සන් ටිකකට බලය යයි සිතා ජේ.ආර් කරපු වැඩක්

Admin

මන්දපෝෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ ලංකාවට ලැබුණු තැන මෙන්න

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

colombotoday