Colombo Today Local News

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

ශ‍්‍රී ලංකාවේ අවසාන රජු යැයි හඳුන්වාගත් රෙමිජස් කනගරාජා නමැත්තෙක් ඊයේ (21) දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේය.

 යාපනයේ රජු යැයි හඳුන්වාගත් ඔහු තමා අවසාන රජු වූ සංකිලිගෙන් පසු යාපනයට උරුමකම් ඇති බව කියා සිටියේය.

 නෙදර්ලන්තයේ පදිංචි කනගරාජා රජ ඇඳුමින් සැරසී සිටි අතර තමාගේ රජ උරුමය ඇත්තේ යාපනයේ බව පැවසීය.

 කොටි ඩයස්පෝරාව ද සමඟ සාකච්ඡුා කළ රෙමිජස් කනගරාජා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ මුල් වරටය.

 මෙම තැනැත්තා සමඟ පැමිණි ස්විට්සර්ලන්තයේ පදිංචි ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැවසුවේ ඔහුට මරණීය තර්ජන එල්ල වී ඇති බවයි.

 එහෙත් කොටි හිතවාදියකු කියා සිටියේ ඔහු නෙදර්ලන්ත අවන්හලක සේවය කර පසුව සුනාමි සමයේ යුනිසෙෆ් නිලධාරියකු ලෙස ද කටයුතු කළ බවයි.

Related posts

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

Admin