Colombo Today Local News

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.

මෙවර අයවැයෙන් විශේෂ අරක්කු බෝතලයක හැර අනෙක් මත්පැන් වර්ග වල මිල ඉහළ දමන ලදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසනු ලැබීය.

මත්පැන්, සිගරට්, බීර, වයින්, දුම්කොළ සහ බීඩි නිෂ්පාදනවල මිල අයවැය මඟින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.

ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් විශේෂ අරක්කු හෙවත් පානය කරන බවත්, ඔවුන් අනවබෝධයෙන් මේවා පානය කිරීම වැළැක්වීම සඳහා මෙහි මිල ද වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

Video “අද ක්‍රියාත්මක වන්නේ සම්මුතිවාදය නෙවෙයි, කම්මුතුවාදය.. රටම කම්මුතුයි” – විමල්

colombotoday

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

ඉන්දියානු උවමනාවන්ට මෙරට ධීවර නීති වෙනස් කිරීම පාලකයන්ගේ නිවටකමක්

colombotoday

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday