Colombo Today Local News

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය වැඩිදුරටත් මෙසේ දක්වා තිබේ.

“ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 

ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර කිහිපය තුළ පිළිකා වැළදුන රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. 1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දල අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6 ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7 ක් දක්වා වැඩි වී ඇත. පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වෙයි. 

බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සදහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ඇත. 

2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් සියයට 26 ක් සහ කාන්තාවන් අතරින් සියයට 5 ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු විය.

මුඛ පිළිකා වැළදීම කිසියම් පුද්ගලයෙකුගේ පෞරුෂය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කිරීමට ද හැකියාවක් ඇත. බුලත්විට සපා කෙළ ගැසීම පරිසරය අප්‍රසන්න වීමට ද හේතුවක් වෙයි. 

2016.09.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත. 

බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි. 

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ  (12) අනුමැතිය හිමි ව ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

Admin

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

වේදනිගම හිමි රතන හිමියන් පැහැර ගත්තා.. පොලීසියට පැමිණිල්ලක්

colombotoday

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

Admin