Colombo Today Local News

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 260 ක ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාවට එම ණය වාරිකය ලබාදීමට සුදුසුදැයි නිර්දේශ කරනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 105 ක ණය පහසුකමක් අනුමත කළ අතර, මේ වනවිට ඉන් වාරික 4 ක් ලබාදී තිබෙනවා.

පස්වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මස අගදී සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ණය ලබාදීම අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළා.

අනතුරුව යළි ණය පහසුකම ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීමට අනුව අදාළ ණය පහසුකම නිර්දේශ කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිසක්ද ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා.

Related posts

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

colombotoday

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

Admin

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin