Colombo Today Local News

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක‍ෂයට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදීය.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වුනු අතර එළැඹෙන 11 වැනිදා දක්වා පළාත් පාලන ආයතන නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ මහතා අතර මෙවැනි සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

2018 වර්ෂයට අදාල පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශය ද මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ලබාදීම සිදුකෙරෙන අතර දේශපාලන පක්ෂයක් සිය පක්ෂ සාමාජිකයින්ට පක්ෂයේ වියදම් හා ආදායම් සම්බන්ධයෙන් හෙළි කිරීමක් සිදුවන්නේ පළමුවරටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම්. අපේ පක්ෂය ග්‍රාමීය වශයෙන් ශක්තිමත්. අනෙකුත් පක්ෂ නායකයින්ගේ සිට පහලට නිර්මාණය වුවත් අපේ පක්ෂය බිහිවුනේ සාමාජිකයාගේ සිටයි. මේ නිසා ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ හැකියාව, ධෛර්ය හා ශක්තිය අපේ පක්ෂයට තියෙන බව කියන්නේ සතුටෙන්.

මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිඛෙනවා. සමහරෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවුනොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා. මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුනත් අපිට මැතිවරණ ජයගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිඛෙනවා. එජාප පාලනය අවසන් කරන්න ලැඛෙන ඕනෑම මැතිවරණයකදී පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසන්න ජනතාව සූදානමින් ඉන්නේ. ඒ තරමට ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වයක් පේන්න තියෙනවා.

මේ නිසා පොහොට්ටුව අත එකතු නොවුනත් මැතිවරණ දිනන්න පුලූවන්. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුනොත් ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කිරීමේ හැකියාව තිඛෙනවා. මේ සැබෑවයි ජනතාව දැනගන්න අවශ්‍ය වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිමත් බව මැතිවරණ ජයගැනීමේ හැකියාව පසුගිය පලාත් පාලන මැතිවරණයේදී දැක්කා. ඒ අවස්ථාවේ අපිත් එක්ක ශී්‍ර ලංකා නිදහස් පක්ෂ්‍ය හිටියේ නැහැ. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

එවැනි එකතුවක් මගින් රටට දෝහී වැඩිපිළිවෙලක් ගෙනියන, ජනතා දේපල විකුණන, රණ විරුවන් ගේ අගයක් නොදන්නා, රටට ආදරයක් නැති, මේ ආණ්ඩුව එළවා දැමීමේ හැකියාව තියෙනවා.

මෙම අවස්ථාවට එඒ දිස්ත්‍රීක් නියොජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරු රැසක් මෙන්ම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් රැසක්ද එක්වූහ.

ඔබේම මවුබිම ඔබේම අදහස් ඇසුරින් ගොඩනගමු තේමාවෙන් රටපුරා පැවැත්වෙන ගම සමග පිළිසදරක් වැඩපිලවෙල සම්බන්ධයෙන්ද මෙහිදී පළාත් පාලන අයතන නියෝජිතවරුන් දැනුම්වත් කෙරිණි.

Related posts

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

colombotoday

අවුරුදු දින දෙකේදී රුධිරය පරිත්‍යාග කරන්නැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට අන්තරේ, පෙරටුගාමීන් ඇතුළු සංවිධාන වාසුදේව සමග එක්වේ

colombotoday