Colombo Today Local News

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.

 මෙම මෙහෙයුම සඳහා උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණේ.

 එහෙත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැත. මෙම නාවික ගුවන් යානා පසුගිය සිකුරාදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ. ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානායි.

 කටුනායකට ගෙන එන භාණ්ඩ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යෝධ ගුවන් යානා ප‍්‍රවාහන නැවට ද සැපයේ.

 පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වූ කටුනායක වෙත පැමිණීම සඳහා රජය අවසර දී තිබේ.

 මෙම භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුම ජනවාරි 29 දා දක්වා ක‍්‍රියාත්මක වේ.

 මේ බව කොළඹ ඇමෙරිකානු තානාපතිනිය හෙළිකර ඇතත් ශ‍්‍රී ලංකා රජය අනාවරණය කර නැත.

Divaina

Related posts

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday

රන්ජන් රාමනායක සමාජය සමූහ වශයෙන් දුෂණය කළා

colombotoday

සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයකට මාලදිවයිනෙන් කණ්ඩායමක් ගේන්න සැලසුම් කරලා

colombotoday

සියලුම බස්වලට CCTV සවි කරන්න පියවර

Admin

ශ්‍රී ලංකාවේ “මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට කලින් ඉල්ලන්නේ තුන් වේල කන පිළිවෙලක්” – මුත්තයියා මුරලිදරන්

colombotoday