සිරියාවට එල්ල කරන ගුවන් ප්රහාර නතර කරන ලෙස සහ කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙසට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 28 දහවල් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුරුවක් ගිනි තබමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූවා.
මෙම උද්ඝෝෂණයක් හේතුවෙන් කොල්ලූපිටියේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය අසළින් ගාලූ පාරේ වාහන ගමනාගමනය ඇණහිට ඇත.