ArticlesColombo Today Local Newsfeatured

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

2001 වසර අග භාගයේදී එජාපය සහ කොටි සංවිධානය අතර ඇති වන්නට යන හොර ගිවිසුමක් ගැන මුලින්ම රටට හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණය. එපමණක් නොවේ. එම වසරේ දෙසැම්බර් පස්වැනිදා පැවති මහ මැතිවරණයේදී ජවිපෙ ප්‍රධාන සටන් පාඨය වූයේද එයය.

– දේශදෝහී අලි කොටි හවුල පරදවමු. රට කෑ පුටු හවුල එලවමු. සීනුව දිනවමු.

එහෙත් එදා මේ අලි කොටි කතාව රටේ වැඩි දෙනෙක් විශ්වාස කළේ නැත. එදා ජවිපෙට විරුද්ධ බලවේග, එනම් එජාපය, සිවිල් සංවිධාන, බෙදුම්වාදීන්, එන්ජීඕ නඩ, කලු සුදු පත්තර මේ අලි කොටි කතාවට දැඩි ලෙස පහර දුන්නෝය. එදා ඔවුන් කී කතා ගණනාවක් තිබිණි.

– කොහෙ තියන ගිවිසුමක්ද?
– කවුද දැක්කේ? කවුද අත්සන් කළේ?
– මොනවද සාක්ෂි?
– කෝ ගිවිසුමේ පිටපතක්?
– එහෙම කිසිම ගිවිසුමක් නෑ
– වතුර වීදුරුවේ කිඹුල්ලු දකිනවා
– බලය ගන්න ජාතිවාදය වපුරනවා
– ජවිපෙ සිංහල ජාතිවාදී පක්ෂයක්…
– බිල්ලෝ මවනවා…

2001 මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කර වැඩි දවසක් ගත වූයේ නැත. 2002 පෙබරවාරි 20 වැනිදා විමල් පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කළ විට කතානායක ඇතුළු සියලු දෙනා දස අතේ දිවුරමින් කියා සිටියේ එවැනි කිසිදු ගිවිසුමක් නැති බවය. එසේ කියා දවස් දෙකක් ගතවූ පසු රනිල් එම හොර ගිවිසුමට අත්සන් තැබුවේය. ඔහු එය කළේ රටේ පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපති, කථානායක ආදී සියලු දෙනා නොමග යවමින් තම ඒකාධිපති තීරණයකට අනුවය. එතෙක් එවන් ගිවිසුමක් නැති බව කී ජාතිවාදී නඩ එතැන් සිට මේ ගිවිසුම නිසා රටට සාමය, සංහිඳියාව, උදාවන බව කියමින් පොළොවේ පස් කන්නට වූහ. ගිවිසුමෙන් පසු අතිශය විනාශකාරී සිදුවීම් සිය ගණනක් අපේ ඇස් ඉදිරිපිට පෙළ ගැසිණි. එහෙත් එදා පැවති ජවිපෙ ඇතුළු දේශප්‍රේමී බලවේග මැදිහත් වී ඒ විනාශය කණපිට හැරවීම සඳහා සියලු මැදිහත් වීම් කළ බැවින්, රට දෙකඩ වී මිනී කඳු ගොඩ ගැසීම නවතා ඊට වසර හතකට පසු කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කිරීමට මේ රටට හැකිවිය. ඒ එදා පැවති ජනතා විමුක්ති පෙරමුණය. ඩීල් කුමාරලා නොව වීරවංශලා සෝමවංශලා නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ රටට හිතැති භූමිකාවය.

එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද?

එදා කොටි සමග අත්සන් තැබූ සටන් විරාම ගිවිසුමටත් වඩා විනාශකාරී ගිවිසුම් උගුලක් ඇටවීමට අද රනිල් ඇතුළු ජාතිවාදී බලවේග සූදානම් වෙමින් සිටිති. ඒ යෝජිත නව ව්‍යවස්ථාවය. අද මේ ව්‍යවස්ථා අනතුර කල් තියා දකින අයටද, එදා අලි කොටි ගිවිසුම කල් තියා හෙළිදරව් කළ අයට එල්ල වූ ජාතියේම චෝදනා ප්‍රමාණයක් එල්ල වෙමින් තිබේ.

– මොන ව්‍යවස්ථාවක්ද?
– තාම එහෙම එක්ක හදලත් නෑ. හදන්න හිතලත් නෑ…
– මේ අස්තාවර පාර්ලිමේන්තුවට මොන ව්‍යවස්ථාද?
– ඕක කරන්න අඩුම ගානේ අවුරුදු දෙකක්වත් යනවා
– මේ හදන ව්‍යවස්ථාවෙන් කවදාවත් රට බෙදෙන්නේ නෑ…
– ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා
– වතුර වීදුරුවේ කිඹුල්ලු දකිනවා
– බලය ගන්න ජාතිවාදය වපුරනවා

එහෙත් ඉතිහාසයේ මහා සරදමකට මෙන් අද මේ කතාවල හොඳම ප්‍රචාරකයා වී ඇත්තේ වත්මන් ජනතා විමුක්ති පෙරමුණය. එදා රනිල්ගේ අලි කොටි ගිවිසුම කල් තියා හෙළි කළ ජනතා විමුක්ති පෙරමුණ අද රනිල්ගේ ජාතිවාදී ව්‍යවස්තාවේ හොඳම ආරක්ෂකයා බවට පත්ව ඇත්තේ කෙසේදැයි ඔබම සිතා බලන්න.

ඔවුන් විටෙක නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසති. ඒ වෙනුවෙන් පෙනී සිටිති. රනිල්ගේ නව ව්‍යවස්ථාවෙන් රටට කිසිදු හානියක් නොවන බවට දස අතේ දිවුරා සහතික දෙති. එය ඉතා අහිංසක සරල කටයුත්තක් බව රටට හඟවති. ඒ අතරේම තවත් විටෙක කිසිදු ව්‍යවස්ථාවක් සැකසී නැති බව පවසති. සකසන්නට හැකියාවක් නැති බවද පවසති. එය ජාතිවාදීන්ගේ බිල්ලන් මැවීමක් බව පෙන්වා දෙති. එසේ නම් සකසා නැති ව්‍යවස්ථාවක් රටට හානිකර නොවන බවට සහතික දෙන්නේ කෙසේදැයි නොකියති. මේ සියලු විලම්බීත තර්ක හරහා ජවිපෙ අද නව ව්‍යවස්ථාව ගැන කියන්නේ රනිල් ඒ ගැන කියන කතාවමය. ඒ දෙක අතර කිසිදු වෙනසක් නැත. ඩීල් කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ 2002 තිබුණේ නම් ඔවුන් අලි කොටි ගිවිසුම ගැන කියනු ඇත්තේද ඒ ගැන රනිල් කියන කතාවමය.

වීරවංශලාගේ ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර දිසානායකලාගේ ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනස වන්නේ මෙයය. සූක්ෂම දේශපාලන ඩීල් යනු මේවාය. මාස එකහමාරකට දෙකකට සැරයක් නැකතත් බලා පේවී රනිල්ට බැන වැදීමෙන් ඩීල් නැති බව රටට ඇඟවීමට ජවිපෙ ළදරුවන් උත්සාහ දරති. එහෙත් වඩා හොඳ ක්‍රියාමාර්ගය වන්නේ රනිල් වෙනුවෙන් පෙනී සිටිමින් ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුවට කරගැසීම නොව රනිල්ට බැන වදිමින් එය කිරීම බව ඕනෑම තොත්ත බබෙකුට පවා වැටහෙයි.

එය වටහා ගත නොහැක්කේ ජවිපෙ ආගමක් බවට පත්කරගෙන සිටින වඳවී යන සත්ත්ව කොට්ටාසයක් බඳු ජවිපෙ අසරණ සාමාජික අතලොස්සට පමණි.

ඉසුරු ප්‍රසංග

Related posts

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කරයි

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday