ArticlesColombo Today Local NewsGossip

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඩයෑන් පීබල්ස් මීට වසර 7කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නිවාඩුවක් ගත කිරීම සඳහායි. ඇය නැවතී සිටි හෝටලයේ වැඩකරමින් සිටි වයස අවුරුදු 26ක තරුණයෙකු වන ප්‍රියන්ජන ද සොයිසා ඇයට එහිදී මුණ ගැසෙනවා.

මේ හමුවීම විවාහයක් දක්වා දුරදිග යන සම්බන්දයක් බවට පත්කර ගැනීමට ප්‍රියන්ජන සමත් වෙනවා. ඒ වනවිට බ්‍රිතාන්‍යයේ තිබූ නිවෙස විකුණා දැමු ඩයෑන් එයින් ලබාගත් පවුම් ලක්ෂයක මුදල (රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයකට අධික මුදල) ලංකාවේ නිවෙසක් සහ කාර් රථයක් මිලදී ගැනීම සඳහා ප්‍රියන්ජන වෙත ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් විවාහයෙන් ටිකකලකට පසු අවුරුදු 18ක් වියැති තරුණියක් සමග තවත් විවාහයක් ප්‍රියන්ජනට ඇති බවට ඩයෑන් දැනගන්නවා.

පසුගිය වසරේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් ප්‍රියන්ජන මරණයට පත්වී තිබෙන අතර ඩයෑන් විශ්වාස කරනු ලබන්නේ ඇය ලබාදුන් මුදලින් පොහොසතෙකු වූ ප්‍රියන්ජන පිළිබඳව ඊර්ශයාවෙන් සිටි කිහිප දෙනෙකු විසින් මෙම සහාසික ක්‍රියාව සිදුකරන්නට ඇති කියායි.

ඩයෑන් පීබල්ස් පසුගිය මාසයේදී හිස් අතින් ආපසු බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර ගුවන් ටිකට්පත් සඳහා මුදල් ලබා දී ඇත්තේ ඇගේ මිතුරියක විසිනුයි. ඊයේ (11) බ්‍රිතාන්‍ය පුවත්පතකට ඇය පවසා ඇත්තේ “මගේ සියලුම මිතුරන් සහ නෑදෑයින් ලංකාවට නොයන ලෙස පැවසුවා. නමුත් මම හිතුවා ඔහු මට ආදරෙයි කියලා. මමත් ආදරය කළා. ආදරයෙන් සිටින විට නුසුදුසු දේවල් අපි අතින් සිද්ධවෙනවා” යනුවෙනි.

“මා ළඟ දැන් කිසිවක් ඉතුරුවී නෑ. පරණ රැකියාවෙන් ලැබෙන කුඩා පැන්ෂන් එකක් පමණක් ඉතුරුවී තිබෙනවා. එකෙන් ලැබෙන දෙයින් මම දැන් ජිවත් වෙන්නේ. මගේ මුදල්වලින් ගත්ත නිවෙස ශ්‍රී ලංකාවේ තිබෙනවා. එයත් මගේ නමට නෙවෙයි තිබෙන්නේ. ආපසු ගිහින් බලන්න ඕනි ඒක විකුණ ගන්න මට අවස්ථාව දෙයිද කියලා.” යැයි ඩයෑන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඇයගේ සැමියා වන ප්‍රියන්ජන පසුගිය වසරේ මැයි මාසයේ මරා දැමීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් සිරකාරියක සේ ඩයෑන් ශ්‍රී ලංකාවේ මිලදීගත් නිවසේම තබාගැනීමට ඔහුගේ පවුලේ උදවිය කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

“ශ්‍රී ලාංකිකයන් සමග සම්බන්දකම් ඇති කර ගන්න එපා. මොකද ඔවුන් සියලු දෙනා ඉතා දුප්පතුන්. බොහෝ දෙනා උත්සහ කරනු ලබන්නේ යුරෝපීය කාන්තාවන් සමග විවාහ වීමටයි. ඔවුන් සිතන්නේ යුරෝපීයයන් පොහොසතුන් කියායි. මම පොහොසතෙක් නෙවෙයි. නමුත් ඔවුන්ට අනුවනම් මම පොහොසතෙක්” යැයි අනෙකුත් කාන්තාවන්ට අනතුරු අඟවමින් අවසාන වශයෙන්  සඳහන් කර සිටිනවා.


Related posts

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

colombotoday

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිහින්

Admin

අපි වෙනම මැතිවරණයට ගියොත් ශ්‍රීලනිපයට යනඑන මං නෑ.. මෛත්‍රී – දුමින්ද පාක්ෂිකයන්ගෙන් සමාව ගනු

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin