Colombo Today Local NewsTop Stories

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහාය පලකිරීමේ රහස මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දෙමළ ජනතාව තුළ පවතින අවිශ්වාසය හා අප්‍රසාදය යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසන ලදි.

ටෙලෝ සංවිධානයේ නියෝජිතයින් හා එම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සමග පැවති සක්ච්ඡාවක දී  මේ බව කියා සිටියේය.

දෙමළ ජනතාව කිසි විටක මහින්ද රාජපක්ෂව පිළිගන්නෙ නැහැ. ඒ හේතුව නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයට සහාය පලකරන්න  තීරණය කළේ.

ඒ වගේම දැන් මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිවරයා රනිල් වික්‍රමසිංහට කුමන හේතුවක් උඩ හෝ යළි අගමැතිකම් නොදෙන බව කියනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා එයින් එක්සත් ජාතික පක්ෂය ජය ගෙන එම පක්ෂය විසින් නැවතත් අගමැති ධූරයට රනිල්වම නම් කළ හොත් ජනාධිපතිවරයාට ඔහුව අගමැති වශයෙන් පිළිගන්නම වෙනවා.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම පාලනය යටතේ මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේ කටයුතු කරනවා. මෙයින් සුළු ජාතිකයින්ට කිසිදු සෙතක් අත්වන්නේ නැහැ යැයිද සිද්ධාර්ථන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

“දුරකථන ගාස්තු වැඩිවුණේ සුළු ගානකින්නෙ.. ඒක ජනතාවට දැනෙන්නෙවත් නෑ” – ඇමති හරීන්

colombotoday

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ කුලී වැඩකළ ඉන්දියානු මැලේරියා රෝගියා පිටුවහල් !

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday