Colombo Today Local News

මහින්දගේ ජනපති අපේක්ෂක ඉඟියත් සමග වෙල්ගමට යලිත් ගෝඨා භය වැළඳෙයි

පවුල්වාදය රටට නොගැළපෙන බව තමා ඊට දැඩි ලෙස විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය හැර ගියේ එතුමාට හිමි තැන නොදුන් නිසා බවත් මෙවැනි දේ වලින් සිදුවන්නේ ඉදිරියේත් එවැනි පුද්ගලයන් බිහිවීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

Admin

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

colombotoday

රිෂාඩ් බදියුදීන් විනාශ කල කල්ලාරු රක්ෂිතයේ හිටවන්න තරම් පැළ වන සංරක්ෂණයේ නැහැ.

colombotoday

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday