Colombo Today Local News

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

කිලිනොච්චිය, අක්කරායන්කුලම,  ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප‍්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.

අද (5)  ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම දැක්වෙන සිතුවම් ප‍්‍රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවසති.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද කීය.

සිතුවම් කර ඇති එල්.ටි.ටි.ඊ ලාංජනයට ඉහළින් ජූලි 5 කළු කොටි දිනය ලෙස ද්‍රවිඩ බසින් සඳහන් කර තිබේ.

අදාළ එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ඇඳ තිබෙන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරති.

lankadeepa

Related posts

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

හජ් වන්දනා කෝටාව පන්දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලයි…

colombotoday

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

colombotoday