Colombo Today Local News

රාජපක්ෂ සිව් සොහොයුරෝ මුල් වරට පොහොට්ටු වේදිකාවේ…. ගෝඨාභය නෙළුම් මාවතෙන් දේශපාලන ගමන අරඹයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකරන සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබාගැනීමටත් අද කටයුතු කළේය.

චමල්, මහින්ද, බැසිල් සොයුරන් සමග එක්ට ගෝඨාභය රාජපක්ෂ මහතා  පොදුජන පෙරමුණේ දේශපාලන කටයුත්තක් සදහා සහභාගී වූ මුල්ම අවස්ථාවද මෙය වේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනයද අද දිනයේ සිදුවන බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානය වෙත පැමිණෙනු ඇති බවද එම වාර්තාවල සදහන් වේ.

Related posts

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

අගමැති රනිල් කල් මරමින් සිටි, මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන අල්ලස්, දූෂණ පනත වහා සම්මත කරන්නැයි ජනපති දන්වයි….

colombotoday

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin