Colombo Today Local News

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති වෙනුවෙන් ඩොලර් බිලියන 7.6ක් ලබා දුන් බවට ඇමරිකානු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පල කරන ලද වාර්තාව චීනය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

එම වාර්තාව කිසිදු පදනමක් නැති මෙන්ම නිවැරදිද නොවන බව පවසන මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ එහි අඩංගු තොරතුරු පක්‍ෂපාති බවයි.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ පුද්ගලික ආයතනයක වාණිජ කටයුත්තක් මත පදනම්ව වූ වාර්තාවක් බැවින් රාජතාන්ත්‍රික කරුණූ දැක්වීමක් සිදු කිරීමේ අදහසක් නොමැති බවයි.

මේ අතර දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ මෙම සිදුවීම සම්බන්දයෙන් චීන රජය වෙතද එල්ල වන චෝදනාවන් බීජිං පාලනය විසින් නොඉවසනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් චීනය විසින් දක්වන සුළු හෝ ප‍්‍රතිචාරයක් ශ‍්‍රී ලංකා ආර්ථිකය මත කුණාටුවක් සේ බලපානු ඇති බවද ඔවුනගේ අදහසයි.

Related posts

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

colombotoday

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday