Colombo Today Local News

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම්ද යොදාගෙන ඇති බව හෙළිකරගෙන ඇති රහස් පොලිස් නිලධාරීන් විවිධාකාර පුද්ගලයින්ට එලෙස මුදල් ලබාදී ඇතැත් එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් බවද හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලේඛන වල සටහන් තබා ඇති බවත් එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයින්ගේ නාමයන් ඉංග‍්‍රීසි කෙටි අක්‍ෂරයන් (මුලකුරු) වලින් තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනි දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශවයන් විසින් ලබාදී තිබේද යන්න පිළිබඳව රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයේ දී මෙම තොරතුරු හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළි වු කරුණු මෙන්ම ඉදිරිපත් වු සාක්කි ද සැළකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.

ලංකාදීප

Related posts

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයි

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday