Colombo Today Local News

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

මාලබේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන් 980 දෙනා ජෙනරාල් çමත් ජෝන් කොතලාවල ආරéක විශ්වවිද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපé මහතා විසින් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පතට අනුව මාලබේ සයිටම් ආයතනයෙහි 2009 සැප්තැම්බර් 15 සිට 2017 මැයි 15 දා දක්‌වා කාලයේ ලියාපදිංචි වූ සිසුන් අතරින් මූලික සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් කොතලාවල ආරéක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කෙරේ.

මෙහිදී එම සිසුන්ගේ මූලික සුදුසුකම් වන්නේ අ.පො.ස. උසස්‌ පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සහ ජීව විද්‍යාව හෝ රසායන විද්‍යාව, ගණිතය සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුනක්‌ ලබා තිබීමයි.

ඒ අනුව කොතලාවල ආරéක විශ්ව විද්‍යාලයට ඇතුළු කරගන්නා සයිටම් සිසුන්ට වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධිය නැත්නම් එම්. බී. බී. එස්‌. උපාධිය පිරිනැමේ.

මෙම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ පසුව අදහස්‌ දැක්‌වූ උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපé මහතා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ ශිෂ්‍ය ප්‍රජාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය. නමුත් එක්‌තරා ශිෂ්‍ය පිරිසක්‌ පමණක්‌ මීට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා මේ සඳහා අවම සුදුසුකම් ලෙස එස්‌ තුන සමත්වීම දිගටම පිළිනොගන්නා බවද පැවසුවේය.

සයිටම් ගැටලුව ජාතික ප්‍රශ්නයක්‌ තත්ත්වයට පත්ව ඇති නිසා එය විසඳීම සඳහා අවම සුදුසුකම සලකා බලා ඇතැයි කී අමාත්‍ය විජයදාස රාජපé මහතා පෞද්ගලික වෛද්‍ය පීඨ සඳහා ඉඩ දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ යුතු බවද කීවේය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කථානායක කරු ජයසූරිය මහතා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී විවාදයක්‌ පවත්වන බැවින් එහිදී සියලු ගැටලු සාකච්ඡා කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

Related posts

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් 6ක් රෝහලේ.. – පළමු වසරේ දරුවෙක් මිය ගිහින්

Admin

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

colombotoday

“ඥානසාර වහා බැඳ දමනු“ – පුරවැසි බලය (Video)

colombotoday