Colombo Today Local News

ගංගා තුනක් පිටාර මට්ටමේ… අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ  පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයන්ගෙන් පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළුගඟ  මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී’

ගිං ගඟ පිටාර මට්ටමට ආසන්න වීමෙන් බද්දේගම, බෝපේ,  පොද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප‍්‍රදේශයන් සහ උඩුගම අකුරැස්ස, ඇල්පිටිය තවලම, පිටිගල ගවලම යන මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර කළු ගඟ  පිටාර ගියහොත් මදුරාවල, , බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප‍්‍රදේශයනුත්, අත්තනගලූ ඔයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගියගොත් මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ ප‍්‍රදේශයනුත් ජලයෙන් යට විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහතා පැවසීය.

එබැවින් එම ප‍්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද  සඳහන්  කළේය.

 

Related posts

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin