Colombo Today Local News

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

මෙම පනත හුදෙක්‌ සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක්‌ නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ කරන්නේ අගවිනිසුරුවරයා සතු බලතල දේශපාලනඥයින් අතට ගැනීමක්‌ යෑයි ද සඳහන් කළේය.

වත්මන් නීතිය යටතේ අගවිනිසුරුවරයා සතු විශේෂ අධිකරණ පිහිටුවීමේ බලය මෙම සංශෝධන පනතින් ඇමැතිවරයකුට පැවරීමට සූදානම් වන බවත් මෙය අධිකරණය දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහයක්‌ බවත්, පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා අධිකරණ බලතල පාවිච්චි කිරීමට ඇමැතිවරුන්ට කිසි ලෙස නොහැකි බව කීය.

මෙය හොරුන් ඇල්ලීමට නොව ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින දේශපාලනඥයන් හිර කිරීමේ උපක්‍රමයක්‌ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා හොරු සිටින්නේ කොහේදැයි ජනතාවට අද සක්‌සුදක්‌සේ පැහැදිලි බවද පැවසීය.

ඔහු මෙබව සඳහන් කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මතවූ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Related posts

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

හදිසි නීති රෙගුලාසි යෝජනාව ගැන විවාදය අද

colombotoday

වාහන වෙන්දේසි කර රාජ්‍ය නිලධාරීන්ට ත්‍රී-වීල් ලබා දීමට යෝජනාවක්

Admin

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

colombotoday

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා

colombotoday