Colombo Today Local News

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

hghf

ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදිමට චීනය සූදානම් බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම්දී තිබේ.

මෙරට සංචාරයක නිරතව සිටින චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු සෙන්මින් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී චින – ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුව ඇති අතර ජිනීවා මානව හිමිකම් සැසියේදී සහ ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී එරට රජය දැක්වූ අනුග්‍රහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කර ඇත.

මාරාන්තික වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරිමට චින රජයේ ආධාරයෙන් ඉදිකිරිමට නියමිත රෝහලේ ශක්‍යතා අධ්‍යයන කටයුතු මෙරටට පැමිණි චීන නිලධාරි කණ්ඩායමක් විසින් මේ වන විට සිදු කරමින් පවතින බව ලියු සෙන්මින් මහතා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් පිළිබඳව සහ දෙරට අතර පවතින තරුණ දේශපාලඥයින්ගේ හුවමාරු වැඩසටහන පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

Related posts

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

මම තමයි අපේක්ෂකයා. මම කියන දේ පිළිගන්න. සජිත් ප්‍රේමදාසගෙන් මාධ්‍යට ගර්ජන

colombotoday

ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයි

Admin

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

අත්අඩංගුවට ගැනීමට පොලිසිය එද්දී රන්ජන් යට ඇදුමෙන් දාපු සෙල්ලම් (Video)

colombotoday