Colombo Today Local NewsHot News

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

පසුගියදා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම කෝකිලායි සම්බෝධි විහාරයට ඇතුළුවී එහි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ට බලයක් ලැබුනේ කෙසේ දැයි වහාම පරික්ෂා කල යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රශ්න කර සිටි.ඒ මහතා මේ අදහස් පල කරන ලද්දේ පසුගියදා එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද දෙමල ජාතික සන්ධානය ඉටුකරන්නේ තනිකරම ජාතිවාදී උවමනාවක් ඔවුන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ,රට නැවත යුධ පිටියක් කරන්න.මේ යට යුද්ධය කාලයේ රට රටවල් වලින් ලැබුණු මුදල් ලැබෙන එක නතර වෙලා,ඒ දේවල් නැවත ලබා ගන්න නම් අහිංසක මිනිස්සු ඝාතනය වෙන ත්‍රස්තවාදී යුද්ධයක් ඇති කරන්න අවශ්‍යයි.මේ සැරසෙන්නේ රට නැවත ඒ ලේ හැලෙන තැනට අරන් යන්න.දකුණේ යම් සංවිධානයක් මේ විදියට වෙනත් ආගමික ස්ථානයකට ඇතුල් වෙලා ප්‍රශ්න කලා නම් මොකක්ද ඇතිවන තත්වය?එහෙනම් රජය වහා දැඩි පියවර ගනීවි.නමුත් දෙමල ජාතික සන්ධානයේ මේ ක්‍රියා සම්බන්දයෙන් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා අද වෙනතුරු කිසිම ප්‍රකාශයක් මා දන්නා තරමින් සිදු කොට නැත.ආගමික කාරණා රටේ පොදු ජනතාවට ඉතා සංවේදී කාරණා,ඒ නිසා රජය වහාම දෙමල ජාතික සන්ධානයේ මේ හිතුවක්කාර ක්‍රියා රජය මැදිහත්වී නතර කල යුතුයි.

පසුගිය දවසේ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමෙන් දෙමල ජාතික සන්ධානය රටට පෙන්නුම් කළා තමන් ඉන්නේ කවුරු සමගද කියන කාරනාව,ඒ නිසා අපි අහනවා ආණ්ඩු උතුරු නැගෙනහිර පාලනය දෙමල ජාතික සන්ධානයට නොනිල වශයෙන් දීලද තියෙන්නේ කියලා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
අපිට මතකයි මීට කාලෙකට කලින් උතුරේ මහා ඇමති විග්නේශ්වරන් මහතා කෝකිලායි විහාරස්ථාන ඉවත් කරන්න කියල කිව්වා,එහෙත් එම නියෝගය ක්‍රියාත්මක කෙරුණේ නැත. හදිසියේ හෝ බස්‌නාහිර පළාත් මහ ඇමැතිවරයා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇති මුස්‌ලිම් පල්ලියක්‌ හෝ හින්දු කෝවිලක්‌ ඉවත් කළ යුතු යෑයි නියෝග කළහොත් සිදු වන්නේ කුමක්‌ද? එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා නිවේදන නිකුත් කරාවි. ඒ නිසා අපි අහනවා මෙහෙම වැඩ කරන්න විග්නේශ්වරන්ට බලය දුන්නේ කවුද කියල

කෝකිලායි සම්බෝධි විහාරයට කඩාවැදුණු මේ පිරිස හෙට අනිද්දා යාපනය නාග විහාරයට කඩා පනීද? නාග විහාරය ද කොටි හිතවාදීන්ට බලවත් හිසරදයක් වෙලා තියෙන්නේ. මේ සියලු නොපනත්කම් සංහිඳියාව වෙනුවෙන් හෝ ජනතාව ඉවසා ඉදීවිද කියන ප්‍රශ්නය මතුවෙනවා. යනුවෙන්ද සදහන් කලේය.

කීර්ති දුණුවිල

Related posts

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin

ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

colombotoday

ආතතිය දරාගන්න බැරි වෙච්ච දොස්තර කෝපයෙන් ලිව්ව ලිපිය | මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ

colombotoday

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

colombotoday