Colombo Today Local News

ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ සුළ මුල ‍හෙළිවෙයි

ගාලු කොටුව ආසන්න මුහුදේ අඩි පහක් ගැඹුරේ තිබී කිමිදුම්කරුවෙකුට හමුවූ පිළිමය පුරාවස්තුවක් නොවන බවත් ඉතා මෑතක සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද උද්‍යාන අලංකාර සැරසිලි භාණ්ඩයක් බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම පිළිමය මුහුදේ තිබී ගොඩගත් අවස්ථාවේ දී එය බුද්ධ ප්‍රතිමාවක් බවටත්, පුරාවස්තුවක් බවටත් ආරංචි පැතිර යමින් තිබිණ. එහෙත් එම පිළිමය පු‍රාවස්තුවක් හෝ පෞරාණික එකක් නොවන බවත් එය ප්‍රදර්ශන භාණ්ඩයක් බවත් මුල්වරට අනාවරණය කරන ලද්දේ වාසම්මානිත, ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන් විසින් ලක්බිම ඔන්ලයින් මඟිනි.

කෙසේ හෝ මෙය මීට මද කලකට පෙර සිමෙන්තියෙන් නිර්මාණය කොට මුහුදෙහි කොරල්පර අතර ගිල්වා තබන ලද්දේ ගාල්ල, කොටුව, ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනාගාර හිමිකරුවෙකු වන ජනක ද සිල්වා නමැත්තෙකි.

දැනට උද්‍යාන අලංකාරය සඳහා බහුලව භාවිතා කරන මෙම සිමෙන්ති මූර්තිය ගාල්ල, ‍‍කොටුව ආසන්න මුහුදේ කොරල්පර අතරේ රඳවා තැබීමට හේතුව එහි බාහිර පෙනුමට පෞරාණික ස්වභාවයක් ලබාදීමට බව ඔහු පවසා තිබුණි.

එය තමන් විසින් කරනු ලැබූ අත්හදාබැලීමක් මිස කිසිදු වංචනික ක්‍රියාවක් නොවන බව පවසන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ සිමෙන්‍ති වලින් තනන ලද මෙවන් පිළිමයක මුහුදු පාසි බැඳුණු පමණින් එය පුරාවස්තුවකැයි කිසිවෙකුත් නොරැවටෙන බවය.

එස්.ටී.පී.සිල්වා

Related posts

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

UNP ය රෙදි ගලවගෙන.. දේශීය ව්‍යාපාරිකයන් නැති භංගස්ථාන කරනවා – දයාසිරිගෙන් එජාපයට චෝදනා

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday