Colombo Today Local News

පොහොට්ටුවේ අය පවා අගමැතිකම මට ගන්න කිව්වා – රාජිත සේනාරත්න

යහපාලන ආණ්ඩුව ඉදිරියේදී එක් නායකයකු යටතේ එක් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවා. අපේ මනුස්සකම ඉතා වැදගත් වුවත් ජනතාවට සේවය කිරීමේදී බලය ඉතාම වැදගත්. එම බලයෙන් කිසිවකු දුකට පත් වෙනවා නම් ඒ බලයෙන් වැඩක් නැතැයි’ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අලුත්ගමදී කීවේය.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ අවුරුදු අසිරිය වැඩසටහන අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙසේ ද කීය.

රාජ්‍ය බලය තිබිය යුත්තේ ජනතාවට සේවය කිරීමටයි. පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා එම බලය පාවිච්චි කිරීම නොකළ යුතුයි. අගමැතිට විරුද්ධ ඇමැතිවරුන්ට අමාත්‍ය ධුර දැරීමට දේශපාලන සදාචාරයක් නැහැ. නමුත් එහෙම ඇමැතිවරු තවදුරටත් ඇමැති තනතුරුවල රැඳී ඉන්න උත්සාහ කරනවා. අගමැතිට විරුද්ධ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයට අවශ්‍ය නැහැ.

2020 වර්ෂයේදී මැතිවරණය ජය ගැනීමට හැකි ආකාරයට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. ඒ සඳහා මා හවුල් වෙනවා. ඒ වගේම පක්ෂයේ දිස්ත්‍රික් යොවුන් බලමණ්ඩල ඇතුළු සියලුම ප්‍රතිසංවිධාන ඉදිරියේදී සිදු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව පැවැති රැස්වීමේදී අගමැතිතුමා ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතාත් චතුර සේනාරත්න මන්ත්‍රිවරයාත් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට කැමැති බවයි. එහිදී සියලු දෙනාගේ ප්‍රශංසාව හිමි වුණා.

මම තනතුරුවලට යන්නෙ ඉස්සරහ ‍ෙදාරෙන් මිසක් පස්ස ‍ෙදාරෙන් නෙවෙයි. නායකයාගේ බෙල්ල කපල රාජිත සේනාරත්නට තනතුරුවලට පැමිණීමට අවශ්‍ය නැහැ. පොහොට්ටුවේ අය පවා රහසිගතව කතා කරල අගමැතිකම ගන්න කියල යෝජනා කළා. අගමැතිතුමාට එරෙහි විශ්වාසභංගයේදී එවැනි භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණ සියල්ල පරාජය කරල අපි විශ්වාසභංගය ජයග්‍රහණය කළා.

2014 ආණ්ඩුව පෙරළන්න සාකච්ඡා කරද්දී රනිල් වික්‍රමසිංහ කිව්වේ රාජිත ඔයා පොදු අපේක්ෂකයා වෙන්න කියලයි. එදත් මම ඒක ප්‍රතික්ෂේප කළා. මෛත්‍රිපාල සිරිසේන මහතාව මම රනිල් වික්‍රමසිංහ මහතාට හඳුන්වාදීල පොදු අපේක්ෂකත්වයට නම් කළා. මේ විශ්වාසභංගයේදීත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා රජය ආරක්ෂා කරගත්තා. 2015 ජනවාරි සටන දිනාගන්න කටයුතු නොකළ අය අද අගමැතිවරයාට විරුද්ධ වෙලා තියෙනවා. 2015 ජනවාරි සටනේ මේ අය හිටියෙ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වෙන් නොවී එකට එකතුව තරග කළ යුතු බව මම කිව්වා. නමුත් පිළිගත්තෙ නැහැ. මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරල අපි පරාජය වී නැති බව මම ඔප්පු කර පෙන්වා දුන්නා. ඊට පසුව ජයග්‍රහණයෙන් උදම් වෙලා හිටපු උදවිය ඔවුන්ගේ ජය පැන්බීම නතර කළා. ඉදිරි මැතිවරණ දිනන්න බැරි බව දැන් ඔවුන් දන්නවා. රාජ්‍ය බලය නමැති කඩතුරාවෙන් අපේ අයගේ ඇස් වැහිලා තිබුණ නිසා බෙදිල වෙන් වෙලා තරග කළා. අන්තිමට පරාද වෙනතුරුම ඇත්ත යථාර්ථය තේරුණේ නැහැ.

Related posts

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ අතරමංවූ දැරිය දින පහකට පසු හමුවෙයි

colombotoday

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

colombotoday

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

සොයිසාපුර හෝටලයේ හිමිකරුට පාතාලයෙන් තවත් තර්ජනාත්මක ඇමතුමක්

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin