Colombo Today Local News

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

විශ්වාස භංගයත් සමඟ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැතිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කියයි.

විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

“ මුදල් කතා කරද්දී සත්‍ය නිහඬ වන බවට කියමනක් තියෙනවා. සල්ලි කතා කරන සද්දෙ මට ඇහුණා. අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි. විශ්වාස භංගයත් සමඟ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති වෙලා.“

මුදල් දී මන්ත්‍රීවරුන් මෙල්ල කළ හැකි වුවද රටේ ජනතාව ඒ අකාරයෙන් මෙල්ල කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගිය සමයේ බැදුම්කර මගඩිය එරෙහිව අදහස් දැක්වූ ආණ්ඩුවේ මැති ඇමතිවරු සැබෑ ලෙසම දූෂණ විරෝධීන්ද, එසේ නැත්නම් මුදලට යටවී හෘද සාක්ෂිය පාවා දුන්වුන්දැයි අද බලගත හැකිවන බවද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

Related posts

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday