Colombo Today Local News

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කොකළේ එම දෙදෙනා අතර පවතින දැඩි මිතුදම නිසා යැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

“අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වයක් පවතිනවා. දෙදෙනා ඔවුනොවුන්ට දුෂ්කර කාල වකවානුවල උදව් කරගෙන තියෙනවා. මෙවර විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීමත් එහි තවත් අවස්ථාවක් ” නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

“ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන තේරෙන හැම කෙනෙක්ම දන්නවා – මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ හිතවතුන් දෙදෙනෙක් බව. එය කාලයක පටන් එන මිතුරු දහමක්. අපේ නායකයා හැටියට අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ආදරය කරනවාට වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආදරය කරනවා” නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් අගමැතිතුමා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන්නාම එතුමා බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පියවර අරගෙන තියෙනවා” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

BBC

Related posts

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය පොදු අරගලයක් බවට පත්කරනවා

colombotoday

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

colombotoday

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

colombotoday

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

colombotoday