32 C
Colombo
16 April 2025
Colombo Today Local News

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

යහපාලන රජයේ දවැනි කබිනට් සංශෝදනය ඉරිදා (25 දා) සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා වත්මන් රජයේ ඇමැතිවරුනට අද පෙරවරු 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

ඇමතිධුර බෙදාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේදාත්මක තතත්වය මත ඇමති සංශෝධනය අවස්ථා කිහිපයකදී කල් ගියේය. කෙසේ වෙතත් අදාළ තනතුරු සම්බන්ධයෙන් එජාපය සහ ශ්‍රීලනිපය අවසන් එකගතාවකට පැමිණ ඇතැයි සදහන්වේ.

දුෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබූ අමාත්‍යවරුන්ට නැවත එම අමාත්‍ය විෂයයන් ලබානොදීමට සහ අමාත්‍ය විෂයයන් තුළ සාර්ථකවීමට නොහැකිවූ අමාත්‍යවරුන්ගේ විෂය වෙනස් කිරීමට ගෙන තිබූ තීන්දුව සම්බන්ධව එජාප – ශ්‍රීලනිප නායකත්වයේ පොදු එකඟතාව පළවී ඇති බැවින් එම තීරණ වෙනසකින් තොරව මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී ක්‍රියාවට නැගෙන බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin