Colombo Today Local News

හොරා කවුදැයි කොළඹදී අද ජනගත කෙරේ !!

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත “කවුද හොරා “ග්‍රන්ථයේ කොළඹ ජනගත කිරීමේ උළෙල අද (05 වැනිදා ) සවස 3.00 සිට සවස 6.00 දක්වා බොරැල්ලේ එන් .එම් .පෙරේරා මධ්‍යස්ථානයේදී සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ .

මෙහිදී ‘කවුද හොරා ‘ ග්‍රන්ථය පිළිබදව සහ බැදුම්කර මගඩිය පිළිබදව හිටපු කෝප්සභාපති ඩිව් ගුණසේකර මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ විශේෂ දෙසුම් කිහිපයක්ම පැවැත්වෙන අතර මේ අවස්ථාවට බැංකුකරුවන් ,විද්වතුන් ,පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය .මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අවස්ථාවට සහභාගී විය හැකිය .මේ නිසා මේ අවස්ථාවට එක් වන ලෙස කතුවරයා ඔබ සැමට ආරාධනය කරයි .

මෙය ශ්‍යාම් විසින් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රචිත දෙවන ග්‍රන්ථයයි .මීට පෙර ඔහු විසින් ‘ බැදුම්කර මගඩිය ‘ නම් ග්‍රන්ථය රචනා කරන ලදී .කව්ද හොරා ග්‍රන්ථය ශ්‍යාම් විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථාවලියේ නවවැනි ග්‍රන්ථයයි .මේ ග්‍රන්ථයත් සමග ශ්‍යාම් විසින් රචිත සහ සංස්කරණය කරන ලද මුළු ග්‍රන්ථ ප්‍රමාණය පහළොවකි .මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි .මෙහිදී ‘ කවුද හොරා ‘ ග්‍රන්ථය සහන මිලකට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත .සියලු විමසීම් 0773558189 දුරකථන අංකයෙනි .

srilankaeconomy.com

Related posts

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

රාජිතට හොදම ස්ථානය බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයයි.

colombotoday

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

colombotoday

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday