Colombo Today Local News

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

යාපනයේ – පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගයේ කිලෝ මීටර් තුනක් දුරට පැවති අධි ආරක්ෂිත කලාපය පෙබරවාරි මස හතර වෙනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමීව මහජනයා සඳහා විවෘත කිරීමට ආරක්ෂක අංශ තීරණය කොට තිබේ.

ඒ අනුව පෙබරවාරි මස හතර වෙනිදා සිට සාමාන්‍ය වැසියන්ට එම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.

විශේෂයෙන්ම මුහුදු කලාපයේ ආරක්ෂාව වෙණුවෙන් නාවික හමුදාව විසින් මෙම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි අතර එම නිලධාරීන් මේ වන විට එම පළාතෙන් කිලෝ මීටර් 20 ක් පමණ උතුරු දෙසට ගමන් කොට තිබේ.

පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගය සාමාන්‍ය වැසියන් සඳහා යළි විවෘත වීමත් සමඟම එම ගම්මානවල වැසියන්ට පෙරට වඩා කිලෝ මීටර් 12 ක් පමණ අඩුවෙන් දුර ගෙවා ඔවුන්ගේ ගම්මානවලට යාමට අවස්ථාව උදා වෙයි.

Related posts

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

colombotoday

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday