Colombo Today Local News

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

මාස හතක් තුළ නීති විරෝධී මත්පැන් නඩු 16ක පැටළුණු හිටපු ප‍්‍රාදේශිය සභා සභාපතිවරයකුට ඒකාබද්ධ විපක්ෂය නොහොත් පොදුජන පෙරමුණ මගින් යළි අපේක්ෂකත්වය දී ඇති බැවින් එය වළක්වන්නැයි ඉල්ලමින් ගම්වැසියන් පිරිසක් මාර්තු 12 ව්‍යාපාරයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරුවෙකු වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසූවේ ගම් වැසියන් පිරිසක් සමඟ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් ගමේ පොලිසියෙන් මෙම පුද්ගලයාට පවරා ඇති නඩු පිළිබඳ විස්තරයක් ද රැගෙන විත් තිබු බවත්ය.

අදාල දේශපාලඥයාට පමණක් නොව ඔහුගේ බිරිඳට, දරුවන්ට පවා හොර මත්පැන් ජාවාරම් පිළිබඳ නඩු ඇති බව පොලිසියෙන් ලබාදී ඇති ලේඛනයේ සඳහන් වන බවත්, පස් ජාවාරම්, ලී ජාවාරම් පිළිබඳවද මෙම තැනැත්තාට චෝදනා ඇති බවත් එහි සඳහන් වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

දූෂිත දේශපාලනඥයින්ට මෙවර අපේක්ෂකත්වය දෙන්නට එපා යැයි පුන පුනා පවසද්දී මෙම හිටපු සභාපතිවරයාට මෙවරත් අපේක්ෂකත්වය දීමට අදාල පක්ෂය කටයුතු කර ඇති බවත් එම පක්ෂයේ ආධාරකරුවන් වන තමන්ට මේ හේතුවෙන් අකමැත්තෙන් වුවද එම දුෂිත පුද්ගලයාට ඡන්දය දෙන්නට වන බැවින් එකී අපේක්ෂකත්වය වළක්වන්නැයි ඉල්ලා සිටින බවත් ඔවුහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

Related posts

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

colombotoday