Colombo Today Local News

“රාජපක්ෂලා මොන හොරුද?.. අපි දැන් ඉන්නෙ නියම හොරු එක්ක” – නිමල්ගේ සිරිපාල ද සිල්වා

‘අයියෝ රාජපක්ෂලා මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ’ යයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර තිබේ.

ඒ, පෙරේදා (22) රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පක්ෂයේ අනුශාෂිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඒකාබද්ධය සමග එකතුවිය යුතු යැයි එහි සිටි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු පවසද්දී, ‘ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද’ යයි බණ්ඩාරනායක මහත්මිය සභාවෙන් විමසා තිබිණ.

එම අවස්ථාවේදී නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන් බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රකාශය දැඩිව විවේචනය කර ඇත.

Related posts

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්

Admin

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

” පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්න එපා “

colombotoday

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin