Colombo Today Local News

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

එක්සත් ජාතික පක්ෂයේ ඇමති මලික් සමරවික්‍රම කුප්‍රකට ඩීල් කාරයෙක් සේම සොර දෙටුවෙක් බවට ජනප්‍රිය අන්තර්ජාල පුවත් වීඩියෝ මුදාහරින්නෙක් අමුතුම මාදිලියේ වාර්තාවක් ගොනු කර ඇත. 2017 නොවැම්බර් 03 අන්තර්ජාලයට මුදාහැර ඇති නවතම වීඩියෝවෙන් හෙළිවන ආකාරයට මලික් සමරවික්‍රම උපතින්ම මූල්‍ය වංචා වෙනුවෙන් කැපවූවෙක් බව ප්‍රකාශ කර තිබේ. මේ වීඩියෝවට අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා මලික් සමරවික්‍රම අතර දැනහැඳුනුම්කමකට එහා ගිය දේශපාලනික උප්පරවැටි නිර්මාණය කිරීමේ පියවරක් පිළිබඳවද සඳහනක් කර තිබීම විශේෂත්වයකි.

මෑතක දී රට කැළඹූ බැදුම්කර සිදුවීමට අදාළව නිසි වගකිවයුත්තන් වනුයේ මේ කුප්‍රකට මූල්‍ය තක්කඩි මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරු බවට ද මේ වීඩියෝවේ ඉඟි පළ කර ඇත. ඒ අනුව සැබැවින් මහා බැඳුම්කර වංචාවේ සැබෑ හිමිකරුවන් වන්නේ මලික් සමරවිකුම බවට යම් යම් කරුණු ඒත්තු යමින් තිබේ.

කෙසේ වෙතත්, ප්‍රශ්නකාරී ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය රජය සමලේ නම කියැවුනු බැසිල් රාජපක්ෂ ට සාපේක්ෂව මලික් සමරවික්‍රම යනු දැවැන්ත සොර දෙටුවෙක් බවට මේ වීඩියෝව නිෂ්පාදනය කරන SLVLOG හි දර්ශන හඳුන්ගොඩ තරයේ හඳුන්වා දෙයි. වැඩසටහන ඉදිරිපත් කරන්නෙක් ලෙස ඔහු විසින් දැඩි විශ්වසයෙන් යුතුව පවසන්නේ…“.. හැබැයි මේ යහපාලන මරාලයේ, බැසිල්වත් පරාජය කරල ඊට වඩා වෘත්තීය හොරෙක් මතුවෙලා ඉන්නවා ඒතමයි මලික් සමරවික්‍රම, අද කතාව ඒ ගැනයි…” යනුවෙනි.

Related posts

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

ලංකාවට යැව්වොත් අත්අඩංගුවට ගනිවී, රඳවා තබා ගනිවී, වධ හිංසාවලට මුහුණ දීමට සිදු වේවි. – නවසීලන්ත ප්‍රහාරකයා අධිකරණයට කියලා.

colombotoday

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday