Colombo Today Local News

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

රට තුළ විවිධ වාද විවාද යන අතර තුර උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.
අද(19) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අධිකරණය විසින් ලබා දෙන නියෝගයන් පවා අද වන විට උතුරේ ක්‍රියාත්මක නොවන අතර පොලීසීය ද මධ්‍යම ආණ්ඩුවේ තීරණවලට නොව දෙමළ ජාතික සන්ධානයේ අභිමතය පරිදි ක්‍රියා කරමින් සිටින බවට ජී.එල්.පීරිස් මහතා චෝදනා කරයි.
වර්තමාන ආණ්ඩුවට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය වක්‍රාකාරයෙන් සහයෝගය දක්වන බවද පැවසූ ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ, උතුරේ සම්පූර්ණ බලය දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි සිදුවන අතර එය ප්‍රායෝගිකව අද වන විට දැක ගත හැකි බවයි.

Related posts

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday