Colombo Today Local News

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවන අධිකරණ අමාත්‍ය ධුරය තමාට ලබාදෙන්නැයි රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පසුගිය දින කිහිපයේම එජාප නායකයන්ට ඇවිටිලි කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධුරයෙන් නෙරපීමේ මෙහෙයුමේ වැඩි බරක් කරට ගෙන තිබුණේද රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරායි. කෙසේ වෙතත් අධිකරණ ඇමති ධුරය ඔහුට ලබා දිමට එජාප නායකත්වය එකගතාවය පලකර නොමැති අතර, එජාප පත්කල මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්න හා ඇමතිනී තලතා අතුකෝරළ නව අධිකරණ ඇමති ධුරයට සදහා යෝජනා වී ඇත.

පසුගිය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ප්‍රමාද කිරීමට කටයුතු කරනවා යන්න විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට එජාපය දෙසින් එල්ල වූ ප්‍රබලම චෝදනාවයි. එසේ තිබියදී බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කටයුතු කඩිනමින් සිදුවීමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට මනා සහයක් හිමිවීමත් එජාපයට ප්‍රශ්නයක් වී තිබිණි.

බැදුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් කමිටු වාර්තාවට පාද සටහන් යෙදූ, ඇමති අජිත් පී පෙරේරා ද සාමාජිකත්වය දැරූ එජාප කෝප් කමිටු කණ්ඩායමට බැදුම්කර සමාගම විසින් කෝටි ගණනින් ලබා දුන් සන්තෝෂම් ගැන මෙන්ම එජායේ ඉහළම තැන්වල සබදකම්ද ඉදිරියේදී අනාවරණය වීමට නියමිතව ඇතැයි පැවසේ. ඇමති විජයදාසව අධිකරණ ඇමති ධුරයෙන් නෙරපීමේ යටි අරමුණ වන්නේද අන් කිසිවක් නොව, නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගනිමින්, බැදුම්කර කොමිසම හරහා ඉදිරියේදී එජාපයට සිදුවන්නට යන මහා ව්‍යසනය වළක්වාගැනීම යැයිද තතු දත්තෝ පවසති.

Related posts

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

colombotoday

ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…

Admin

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday