Colombo Today Local News

දරුණු පරාජයෙන් ක්‍රිකට් ලෝලීන් කිපෙයි.. ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් පිලට එරෙහිව විරෝධතා (Video)

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.

ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් නැගූහ.

මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය.

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.

තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්‍රේක්‍ෂකයන් පළවා හැරියහ. ප්‍රේක්‍ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.

Related posts

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

ගුවන්, නාවික හමුදාපතිලාටත් ෆීල්ඩ් මාර්ෂල් තනතුර දෙන ආරංචිය ගැන ෆොන්සේකාගේ අදහස…

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday