Colombo Today Local News

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

අනුරාධපුර හොරොව්පොතාන ප‍්‍රදේශයේදී තමන්ට එරෙහිව සිදුකර ඇති බව පැවසෙන හූනියම කළේ කවුරුන්ද යන්න රටම දන්නා කරුණක් බවත් එසේම එම ප්‍රවෘත්තිය දුටු විට තමන්ට හිනා ගිය බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ බවත් ඒවා සාර්ථාක නොවීම නිසා දැන් ශුනියන් කිරීමට සැරසෙන් බවත් ඔහු පැවැසීය. ස්වාධීන රූපවහිනී සේවයේ නව පස්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවැනි දේ හරහා තමන් තව තවත් ශක්තිමත් වෙන බවත්  හූනියම්වලට නොසැළෙන බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

හොරොව්පතාන ප්‍ර දේශයේ සොහොනක තිබූ ජනපතිවරයා ඇතුළු පස්දෙනෙකුගේ නම සඳහන් තඹ පතක් හමුවූ අතර එහි රූපද ඇඳ තිබුණි. ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙය හූනියමක් බවයි.

Related posts

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin