Colombo Today Local News

ලංකාවට ආ මුස්ලිම් සරණාගතයන් අපේ රටේ අය නෙවෙයි.. මියන්මාරය කියයි

පසුගිය 30 වනදා කන්කසන්තුරේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන දැනට මිරිහාන ආගමන විගමන රැදවුම් කදවුරේ රදවා සිටින පිරිස තම රටේ පුරවැසියන් නොවන බව ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය පවසයි.

අප කළ විමසීමකදී මියන්මාර් තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ පිරිස පිළිබදව තම නිලධාරීන් මිරිහාන රැදවුම් කදවුරුට ගොස් සොයා බැලීමේ දී මේ බව තහවුරු වූ බවයි. එම පිරිසෙන් කිසිවෙකු මියන්මාරයේ භාවිතා වන භාෂාවන් කතා නොකරන අය බවත්, ඔවුන් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පිරිසක් විය හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

අනවසරයෙන් මෙරටට ඇතුළුවීමට උත්සහ කිරීමේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ 32නෙකුගෙන් යුත් එම පිරිස මියන්මාර්යේ රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට අයත් පිරිසක් බව කියැවිණි. එම පිරිස පිටුවහල් නොකරන ලෙසත් මෙරට දී ඔවුන්ට ආරක්ෂාව සපයන ලෙසන් මුස්ලිම් දේශපාලන පාර්ශවවලින් රජයට ඉල්ලීම් ඉදිරිපත් විය.

මියන්මාර්යේ ස්වදේශිකයන් සමග ඇතිකරගත් ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් ලක්ෂයකට අධික පිරිසක් එරටින් පලා විත් ඉන්දියාවේ සරණාගත කදවුරුවල රැදී සිටී. සහන වීසා කාලය නිම වූ ඉන් දාහතරදහසක පිරිසක් ශ්‍රී ලංකාව තම ගමනාන්තය ලෙස තෝරා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

සරණාගතයන් මුවාවෙන් විදේශීය මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා මෙහි පදිංචි කරවීමේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ද ජාතික සංවිධාන විසින් අනාවරණය කර තිබිණි.

 

Related posts

අධික උෂ්ණත්වය දරුවන්ට අහිතකරයි – දෙමාපියන් අවධානයෙන් සිටින්න

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

colombotoday

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin