Colombo Today Local News

ඇමතිකම රැකගන්න රවීගෙන් ආගමික නායකයන්ට වොල්වෝ පූජාවක්.. බරපැන බැදුම්කරෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී වොල්වෝ වර්ගයේ මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි වාර්තා වනවා.

සිය අමාත්‍ය ධුරය අහිමිවීමේ අවදානම් තත්ත්වයක මුහුණ දී සිටින මුදල් අමාත්‍යවරයා එකක් රුපියල් ලක්ෂ 350ක වටිනාකමකින් යුතු මෝටර් රථ පහක් මෙසේ පරිත්‍යාග කර ඇති බවද පැවසේ.

තවත් ජේෂ්ඨ ඇමතිවරයකු සමග මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගොස් අමාත්‍යවරයා මෙම තෑගි පිරිනමා ඇති අතර මල්වතු මහා නාහිමියන්ට ලබා දුන් වාහනය උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

තම ඇමති තනතුර රැකගැනීම හා ආයෝජන ව්‍යාපෘතියකට ආගමික නායකයන්ගේ සහය ලබා ගැනීමේ අරමුණින් මෙම කාර් තෑග්ග ලබා දී ඇති අතර මේ සදහා බරපැන දරා ඇත්තේ මහබැංකු බැදුම්කර වංචාවේ චූදිතයා වූ සමාගමක ප්‍රධානියෙකු විසින් යැයිද පැවසේ

Related posts

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

අපි හයේ ඒවා හතරේ ඒවා ගහන්නේ ලබන මාසේ

Admin

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම බකංනිලාගෙන ඉඳලා

colombotoday

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday