Colombo Today Local News

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවද ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ.

කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් රටේ කටයුතු අඩපණ කිරීමට ඉඩදිය නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී රට තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට සුවිශේෂී බළකායක් පිහිටුවා තිබීම වැදගත් බවත් අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් පවසා ඇත.

ඒ අනුව එම බළකාය ත්‍රිවිධ හමුදාව ඇතුළු විශේෂ පිරිසකගෙන් සමන්විත වන පරිදි සැකසීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර, එහි නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Related posts

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

colombotoday