Colombo Today Local NewsHot News

සියළු බෞද්ධ සංවිධාන එක්වේ.. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ බලවේගයක් බිහිවෙයි

ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) නාරාහෙන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ 1815 පසුව වසර 200 කට පසු නැවතත් ශ්‍රී ලංකාව 2015 වසරේ දී නැවතත් යටත් විජිත පාලනයකට පත් ව ඇති බවයි.

අද වන විට රට තුළ යුද හමුදාව විහිළුවට ලක් ව ඇති බවත් කොටි බෙඳුම්වාදය රට තුළ හිස ඔසවමින් සිටින බවත් ඥනසාර හිමියන් පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස හැසිරෙන වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා භික්ෂූන් වහන්සේලා සියලු දෙනා විවිධ මතවාදයන් පසෙකලා එකාවන්ව එක් වෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරත්න හිමියන් එහිදී පවසා සිටියහ.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday