Colombo Today Local News

හම්බන්තොට වරාය චීනයට දීමට කැබිනට් අනුමැතිය හිමිවේ

හම්බන්තොට වරායට චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි විය. ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම අනුමැතිය හිමි විය.

අදාළ ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත, බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක එහි සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

colombotoday

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

colombotoday

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday