Colombo Today Local News

“ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින් නව දේශපාලන බලවේගයක් බිහිවෙයි !

පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.

“පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ යන නම්න් ඔවුන් නව පක්ෂය පිහිටුවා ගත් බව ත්‍රිකුණාමලය – සම්පූර් ප්‍රදේශයේදී ඊයේ (03) මාධ්‍ය හමුවක් කැඳවමින් පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මේ බව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ පසුගිය 28දා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ තම පක්ෂය ලියාපදිංචි කළ බවයි.

මෙම පක්ෂය ඔස්සේ උතුරු – නැගෙනහිර පළාත් සීමාවකින් තොරව තම ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday

කෝප් කමිටු වාර්තාව : උතුරු-මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්නත් කලින් කෝටි 185ක මුදලක් ගහින්

colombotoday

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday